වැරැද්දක් කළා නම් කොහෙ ගියත් ගේනවා

අධිකරණ කටයුතු මගහැර නීති විරෝධී ආකාරයට ඉන්දියාවට පැනගොස් සිටි ලියාපදිංචි අපරාධකරුවෙකු, දිවයිනට රැගෙන ඒමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සමත් වී තිබෙනවා.
ඊයේ 12 රාත්‍රියේ අදාළ සැකකරු මෙරටට රැගෙන විත් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා සඳහන් කරනවා.
මන්දලගල බෝඹුගලගේ සුමිත් ප්‍රියන්ත නමැති අදාළ අපරාධකරු කප්පම් ගැනීම්, මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකිරීම ඇතුළු චෝදනා රැසකට අවශ්‍යව සිටි සැකකරුවෙකු බව බුද්ධික මනතුංග මහතා වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.