දඬුවම මෙහෙම නම් අල්ලසට තිත තමයි

රුපියල් 11,000 ක අල්ලසක් ලබාගැනීමේ චෝදනාවට වරදකරු කෙරුණු කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ කාර්යාල සහායකයෙකුට බරපතළ වැඩ සහිත වසර 28 ක සිරදඬුවම් නියම කළ කොළඹ මහාධිකරණය එම සිරදඬුවම වසර 07 කින් ගෙවී යායුතු බවට නියෝග කර තිබෙනවා.

ඊට අමතරව විත්තිකරුට රුපියල් 31,000 ක දඩයක් නියම කරන බවත් තීන්දුව ප්‍රකාශය පත් කරමින් කොළඹ මහාධිකරණ විනිසුරු මහේන් වීරමන් මහතා පවසා තිබෙනවා.

2016 වසරේ සැප්තැම්බර් මස 19 වනදා විදේශයක සිට ආනයනය කළ CCTV කැමරා කට්ටල 30 ක් බදු අය කිරීමකින් තොරව නිදහස් කිරීම සඳහා ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් 11,000 ක අල්ලසක් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මෙම විත්තිකරුට එරෙහිව අල්ලස් කොමිසම විසින් කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර තිබුණා.

තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මහාධිකරණ විනිසුරුවරයා ප්‍රකාශ කළේ අදාළ විත්තිකරුට එරෙහිව පැමිණිල්ල විසින් ඉදිරිපත් කර තිබූ චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට සනාථ කර තිබෙන බවයි.

ඒ අනුව විත්තිකරුට මෙම දඩුවම් නියම කරන බවත් විනිසුරුවරයා සිය තීන්දුවේ සඳහන් කර තිබෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *