බලාපොරොත්තුවක් තියෙනව නම් පරිස්සමෙන්

අමෙරිකාව විසින් පාකිස්තානය සඳහා නව සංචාරක උපදේශන මාලාවක් නිතුත්කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
තම පුරවැසියන් පාකිස්තානයේ සංචාරය කිරීමට බලාපොරොත්තුවෙන් සිටිනවා නම්, ඒ පිළිබඳ නැවත සලකා බලන ලෙස එරට රාජ්‍ය දෙපාර්තමේන්තුව දැනුම් දී තිබෙනවා.
පාකිස්තානයේ බලුකිස්තානය සහ කයිබර් පක්තුන්ක්වා පළාත්වල අන්තවාදී කණ්ඩායම් ප්‍රහාර සැලසුම්කරන බවට අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබෙන අතර, එම ප්‍රදේශවල සන්නද්ධ ගැටුම් ඇතිවීමේ හැකියාවක් ඇති බව එහි දක්වා තිබෙනවා.
ප්‍රවාහන මධ්‍යස්ථාන, සාප්පු සංකීර්ණ, හමුදා ස්ථාන, ගුවන්තොටුපළ, විශ්වවිද්‍යාල සහ පූජනීය ස්ථාන වැනි විවිධ ස්ථාන ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ලවිය හැකි බව අමෙරිකාව පවසනවා.
කෙසේ නමුත් ත්‍රස්තවාදීන් සුළු හෝ අනතුරු ඇඟවීමකින් තොරව එම ප්‍රහාර එල්ල කළ හැකි බව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු වැඩිදුරටත් අවධාරණය කර තිබෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.
