ගන්න කෙනෙක් ඉන්නව නම් කියන්න

අමෙරිකාවේ ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනය, ටික්ටොක් යෙදවුම මිලදී ගැනීමට සුදුසු ආයෝජකයෙක් සොයමින් සිටින බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

මෙහිදී සළකා බලන ආයෝජකයින් අතරට ලොව ධනවත්ම මිනිසා වන ඊලෝන් මස්ක්, ලැරී එලිසන්, සමාජ මාධ්‍යයේ ජනප්‍රිය තරුවක් වන මිස්ටර්බීස්ට් එනම් ජිමී ඩොනල්ඩ්සන්, මෙන්ම සමාගම් කිහිපයක් අයත් වෙනවා.

ට්‍රම්ප්ට අනුව එම යෙදවුම මිලදීගන්නා තැනැත්තා ඉන් අනතුරුව ඉන් 50% ක කොටසක් නැවතත් අමෙරිකානු රජයට අලෙවි කළ යුතු වෙනවා.

ටික්ටොක් යෙදවුම ඔස්සේ අමෙරිකානුවන්ගේ දත්ත චීනයට ලබාදෙන බවට එම යෙදවුම අයත් බයිට්ඩාන්ස් සමාගමට චෝදනා කරමින් එය එරට සමාගමකට අලෙවි කරන ලෙස මීට මාස හයකට පෙර කොංග්‍රසය නියෝග කර තිබෙනවා.

මෙය පසුගිය 19 වනදාට පෙර අලෙවිකිරීමට නියමිතව තිබූ නමුත් බයිට්ඩාන්ස් සමාගම තවමත් ඊට නිසි අනුමැතියක් පළකර නැති බව සඳහන් වෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *