කලින් කතා කරගත්ත විදිහට වැඩේ වෙනව නම්

ශ්‍රී ලංකා රජය විසින් මන්නාරමේ සුළං විදුලි බලාගාර ව්‍යාපෘතියට පෙර ලබාදුන් අනුමැතින් අනුව කටයුතු කිරීමට කැමතිනම් යළිත් එම ව්‍යාපෘතිය ආරම්භ කිරීමට සූදානම් බව අදානි සමාගම විසින් ශ්‍රී ලංකා රජයට දැනුම් දී තිබෙනවා.

බලශක්ති අමාත්‍යාංශය වෙත ඔවුන් තවදුරටත් දන්නවා ඇත්තේ වසර දෙකක දීර්ඝ සාකච්ඡාවකින් පසු ‍ශ‍්‍රී ලංකා රජය ලබාදෙන අනුමැතිය ලබාදෙන තෙක් පුනර්ජනනීය බලශක්ති උත්පාදන ව්‍යාපෘතිය හා සම්ප්‍රේෂණ ජාල පුළුල් කරන ව්‍යාපෘති ඇතුළු ඒ ආශ‍්‍රිත සම්ප්‍රේෂණ සබඳතා අවසන් කිරීමට සමාගම උත්සාහ කළ බවයි.

නව රජයේ තීරණය දැනුම්දෙන තෙක් බලා සිටියත් රජයෙන් කිසිම නිල සන්නිවේදනයක් නොලැබීම මත අදාළ ව්‍යාපෘතිවලින් ඉවත්වීමට තීරණය කළ බවද ඔවුන් පෙන්වා දෙන අතර, ශ්‍රී ලංකා රජය විසින් අනුමත කරන ලද පරිදි, පුනර්ජනනීය බලශක්ති සහ සම්ප්‍රේෂණ ව්‍යාපෘති කඩිනමින් ක්‍රියාත්මක කිරීමට සැමවිටම කැමැත්තෙන් සිටින බව අදානි ග්‍රීන් එනර්ජි ශ්‍රී ලංකා සමාගම ප්‍රකාශ කර තිබෙනවා.

මෙම ව්‍යාපෘතිය හෝ වෙනත් ඕනෑම සංවර්ධන කටයුත්තක් බාර ගැනීමට තම සමාගම සැමවිටම සුදානමින් සිටින බව අදානි ග්‍රීන් එනර්ජි ශ්‍රී ලංකා සමාගම දන්වා තිබෙනවා.

මන්නාරම් සුළං විදුලි බලාගාර ව්‍යාපෘතිය මෙතෙක් අවලංගු කර නොමැති බවත්, අදානි ග්‍රින් එනර්ජි ශ්‍රී ලංකා සමාගමට තම තීරණය දැනුම් දීම සඳහා සති දෙකක කාලයක් ලබාදී තිබෙන බවත් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා පාර්ලිමේන්තුවේදී පසුගියදා පැවැති බලශක්ති කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා රැස්වීමේදී ප්‍රකාශ කර තිබෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *