දකුණු කොරියාවේ නම් ඉන්නේ මේ පණිවිඩය ඔබටයි

දකුණු කොරියාවේ පැතිර යන ලැව්ගිනි ආශ්‍රිත ප්‍රදේශවලට යාමෙන් හැකිතාක් වළකින ලෙස එරට සිටින ලාංකිකයින්ගෙන් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉල්ලීමක් කරනවා.

ඒ වගේම, දැනට ලැව්ගිනි පැතිර යන කලාපවල රැඳී සිටින ශ්‍රී ලාංකිකයින්, ඒ පිළිබඳ විමසිල්ලෙන් පසුවිය යුතු බවත්, විවෘත ගිනිදැල් සහිත උපකරණ සහ ගිනි ගන්නා ද්‍රව්‍ය සහ දැවෙන සුළු ද්‍රව්‍ය භාවිත කිරීම අවම කරන ලෙසත්, දකුණු කොරියාවේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය දැනුම් දී තිබෙනවා.

මේ වන තුරුත්, දකුණු කොරියාවේ දැනට පවතින ලැව්ගිනි හේතුවෙන් කිසිඳු ශ්‍රී ලාංකිකයෙකුට අනතුරක් සිදුව නොමැති අතර, ඕනෑම හදිසි අවස්ථාවකදී 2 735 2966, 2 735 2967 සහ 2 794 2968 යන දුරකථන අංක ඔස්සේ ලාංකිකයින්ට දැනුම්දිය හැකි බව තානාපති කාර්යාලය සඳහන් කර තිබෙනවා.

දකුණු කොරියාවේ ගිනිකොණ දිග ප්‍රදේශයට බලපා ඇති ලැව්ගිනි හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 24 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර 23,000කට අධික පිරිසක් නිවෙස්වලින් ඉවත් කිරීමට එරට බලධාරීන් පියවර ගෙන තිබෙන බව වාර්තා වෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *