වටිනාකම ඇහුවොත් පුදුම හිතෙයි

රුපියල් බිලියනයකට ආසන්න වටිනාකමකින් යුත් මත්පෙති තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ වෑන් රථයක් හා එහි රියදුරු මීගමුව කොප්පරා හන්දිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ (01) එම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ, කොළඹ අපරාධ කොට්ඨාසය විසිනි.
ඊයේ (01) රාත්‍රියේ සිදුකළ මෙම වැටලීමේදී සොයාගත් මත්පෙති නීතිවිරෝධි ලෙස ඉන්දියාවේ සිට බෝට්ටුවලින් මෙරටට රැඟෙනවිත් ඇති බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා.
කොළඹ අපරාධ කොට්ඨාසයට ලද තොරතුරක් අනුව කොළඹ – මීගමුව ප්‍රධාන මාරගයේ කොප්පරා හන්දියේදී වෑන් රථයක් පරික්ෂා කර තිබෙනවා. එහි තිබී රුපියල් බිලියනයකට ආසන්න වටිනාකමකින් යුත් මෙම මත්පෙති ලක්ෂ 05 ක පමණ ප්‍රමාණය සොයාගෙන ඇති අතර, බලපත්‍රයක් නොමැතිව මත්පෙති සන්තකයේ තබාගෙන ප්‍රවාහනය කිරීම හේතුවෙන් වෑන් රථයේ රියදුරු, ඔහු සන්තකයේ තිබූ ජංගම දුරකථනය සහ එම වෑන් රථය අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වෙනවා.
මෙම මත්පෙති තොගය නීතිවිරෝධී ලෙස ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් මෙරටට ප්‍රවාහනය කර ඇති බවට කොළඹ අපරාධ කොට්ඨාසය තොරතුරු අනාවරණය කරගෙන තිබෙනවා.
සැකකරු මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත අද ඉදිරිපත් කිරීමෙන් පසු, රැඳවීම් නියෝග මත වැඩිදුර විමර්ශන කටයුතු ආරම්භ කරන බව කොළඹ අපරාධ කොට්ඨාසය සඳහන් කරනවා.
