බත් කන්න බැරිනම් කමු පාන්

පාන් රාත්තලක මිල රුපියල් 10 කින් අඩු කිරීමට බේකරි නිෂ්පාදකයින් එකඟතාව පළ කර ඇති බව වෙළෙඳ අමාත්‍යාංශය නිවේදනය කර තිබෙනවා.
මෙසේ පාන් රාත්තලක මිල අඩු කිරීමට එකඟ වී පාන්පිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 10 කින් අඩු කිරීමට තීරණය කිරීමෙන් අනතුරුවයි.
ඒ වගේම, අනෙකුත් බේකරි නිෂ්පාදන මිල ගණන්ද අඩු කිරීමට බේකරි නිෂ්පාදකයින්ගේ සංගමය එකඟතාවය පළ කර ඇති බව නිවේදනයක් නිකුත් කරමින් වෙළෙඳ අමාත්‍යාංශය සඳහන් කරනවා.
ඒ අනුව අද (18) සිට ක්‍රියාත්මක වන පරිදි පාන්පිටි කිලෝවක මිල රුපියල් 10 කින් පහළ දැමීමට ප්‍රීමා සහ සෙරන්ඩීබ් යන සමාගම් ඊයේ දිනයේ තීරණය කර තිබෙන බව වාර්තා වෙනවා.
