(ILO) 190 වන සම්මුතිය අනුමත කරන්න ඕනේ

ශ්‍රී ලංකාවේ කාන්තාවන් ආරක්ෂා කිරීම සහ රැකියා ස්ථානයේ ප්‍රචණ්ඩත්වය සහ හිරිහැර තුරන් කිරීම සඳහා නීති ශක්තිමත් කිරීමට රජය කටයුතු කරන බව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ ප්‍රකාශ කරනවා.
රැකියා ලෝකයේ ප්‍රචණ්ඩත්වය සහ හිරිහැර තුරන් කිරීම සඳහා වන ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ (ILO) 190 වන සම්මුතිය අනුමතකිරීමට රජය බලාපොරොත්තු වන බව ඔහු මෙහිදී සඳහන් කර තිබෙනවා.
ශ්‍රී ලංකාව තවමත් මෙම සම්මුතිය අනුමත කර නොමැති වුවත්, සම්මුතිය අනුමත කිරීම පිළිබඳව සොයා බලා අදාළ නීති හඳුන්වා දීමට පියවර ගන්නා බව නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.
