ඒ කට්ටිය මේ වෙද්දි ඉන්නවද නැද්ද කියලයි හොයන්නේ

ජීවිත ආරක්ෂාව සඳහා ලබාදුන් ගිනිඅවි යළි භාරදෙන ලෙස ආරක්ෂක අමාත්‍යාංශය කළ දැනුම්දීමට අනුව තවත් පුද්ගලයන් 42 ක් තවමත් එම ගිනිඅවි භාර දී නොමැති බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.

අද (2) පස්වරුවේ පැවති අමාත්‍ය මණ්ඩලය තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී කළ විමසීමකදී ඔහු මේ බව පවසා තිබෙනවා.

ගිනිඅවි භාර නොදුන් පුද්ගලයන් මේ වනවිට ජීවත්ව සිටිනවාද නැතහොත් ඔවුන් මෙරට තුළ ජීවත්වෙනවද යන්න පිළිබඳ සොයාබලමින් සිටින බව එහිදී ඔහු පෙන්වා දෙනවා.

ඒ වගේම, ආයුධ භාර නොදීමට එරෙහිව ඔවුන්ට විරුද්ධව නීති මගින් කඩනමින්ම කටයුතු කරන බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.

මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ නලින්ද ජයතිස්ස මහතා,

“දැනට ගිනිඅවි භාර නොදී ඉන්නේ පුද්ගලයන් 42ක් පමණයි. මේ අය ජීවත්වෙනවද, මේ රටේ ජීවත්වෙනවද යන්න පිළිබඳ සොයාබලමින් ඉන්නවා. 

මේ අයට එරෙහිව නීති මගින් කටයුතු කරනවා ආයුධ භාර නොදීමට විරුද්ධව. වැඩිකල් යන්න කලින් මේ කටයුත්ත සිද්ධ වෙමින් පවතිනවා”.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *