ගෙන්වපු වාහන වරායේ හිරවෙලා තියෙන්නේ

ජපානයේ සිට මෙරටට ගෙන්වූ වාහන 400 ක් පමණ නිදහස් කර ගැනීමට නොහැකිව සිරවී ඇති බව වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.

එම සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙන්චිගේ සඳහන් කරන්නේ, වාහන ආනයනය සම්බන්ධයෙන් නිකුත් කර ඇති ගැසට් නිවේදනයක රෙගුලාසි මෙම තත්ත්වයට හේතුවී ඇති බවයි.

එක් නැවකින් ගෙන්වූ සියලු වාහන සඳහා තත්ත්ව පරීක්ෂණ වාර්තා එක සමාගමක් විසින් ලබාදී තිබෙන නමුත්, ඔවුන් පෙන්වා දෙන්නේ නිකුත් කර ඇති ගැසට්‌ නිවේදනයට අනුව, එම සමාගම තත්ත්ව පරීක්ෂණ වාර්තා ලබා ගත හැකි නිර්දේශිත සමාගම් අතරට ඇතුළත් වී නොමැති බවයි.

කෙසේ වෙතත්, මෙම ගැටළුවට ස්ථිර විසඳුමක් ලබාදීම අත්‍යාවශ්‍ය බව වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙන්චිගේ මහතා වැඩිදුරටත් සඳහන් කරනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *