ස්වර්ගස්ථ වු ශුද්දෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ වෙනුවට

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වීම හේතුවෙන් වතිකානයේ වැඩබලන ප්‍රධානියා ලෙස ඇමරිකාවේ කෙවින් ෆැරල් කාදිනල් හිමිපාණන් පත් කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අනුව ඊළග පාප් වහන්සේ තොරාගන්නා තෙක් කැමරලෙන්ගෝවරයා ලෙස ෆැරල් කාදිනල් හිමිපාණන් කටයුතු කරන බව සඳහන් වෙනවා.

1947 දී ඩබ්ලින් හි උපත ලැබූ ෆැරල් කාදිනල් හිමිපාණන්, ස්පාඤ්ඤයේ සලමන්කා විශ්වවිද්‍යාලයට සහ රෝමයේ ග්‍රෙගෝරියන් පොන්ටිෆිකල් විශ්විද්‍යාලයට ඇතුළත් වූ බව වතිකානුව පවසනවා.

ඔහු ලොව පුරා පල්ලිවල තනතුරු දරා ඇති අතර, මෙක්සිකෝවේ මොන්ටෙරේ විශ්ව විද්‍යාලයේ දේවගැතිවරයෙකු ලෙස මෙන්ම මේරිලන්ඩ් හි බෙතෙස්ඩා හි පල්ලියක ද සේවය කර තිබෙනවා.

එමෙන්ම නව පාප්වහන්සේ කෙනෙකු තෝරා පත්කර ගනු ලබන්නේ දින 15 යි 20 යි අතර කාලයකින් පසුව වන අතර, දැනට ධුර දරන කාදිනල්වරු 252 දෙදෙනාගෙන් සුදුසුකම් ලැබූ 138 දෙනෙකුගේ ඡන්දයෙන් නව පාප්වහන්සේ තෝරා ගැණෙන බව විදෙස් මාධ්‍ය වැඩි දුරටත් සඳහන් කරනවා.

මේ අතර ස්වර්ගස්ථ වු ශුද්දෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සැලසුම් කිරීම සඳහා ලොව පුරා සිටින කාදිනල්හිමිවරු රැස්ව තිබෙන බව වතිකානුව වාර්තා කරනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *