දේශීය ගුවන් ගමන් වාර ප‍්‍රමාණය වැඩි කරනවා

දේශීය සංචාරකයින් දිරිමත් කිරීම සඳහා දේශීය ගුවන් ගමන්වාර වැඩි කිරීමට අවශ්‍ය සැලසුම් සකස් කරමින් සිටින බව ප්‍රවාහන, මහාමාර්ග හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසනවා. ඒ සඳහා අවශ්‍ය නීති සංශෝධනය කිරීමට ද අවශ්‍ය පියවර ගන්නා බව ඔහු සඳහන් කරනවා.

අමාත්‍ය බිමල් රත්නායක මහතා මෙම අදහස් පළ කළේ, පලාලි ගුවන්තොටුපොළ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් අනතුරුවයි.

එහිදී වැඩිදුරටත් අදහස් ප‍්‍රකාශ කළ අමාත්‍යවරයා,

මුලික තීරණයක් අරන් තියෙනවා විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ දේශීය සංචාරකයින්ට, යාපනයේ ජීවත්වෙන අය කටුනායක ගුවන්තොටුපොළට තමා එයාලා දැනට එන්නේ. එතැන ඉඳලා දේශීය ගුවන් ගමන්වාර වැඩි දියුණු කරන්න මේ ගුවන්තොටුපොළත් සංවර්ධනය කරන්න. ඒකට අපි බලාපොරොත්තු වෙනවා ලංකාවේ ගුවන් ගමන් පිළිබඳව තිබෙන නීතියේ යම් වෙනස්කම් කරන්න. මොකද දේශීය ගුවන් ගමන්වලට ගැලපෙන පරිදි නීති සකස් කරන්න. එහෙම වුණොත් අපි හිතනවා ලංකාවේ පෞද්ගලික ගුවන් යානා හිමිකරුවන්ට ඒ සමාගම්වලට ප්ලේන් මෙහෙට ගේන්න පුළුවන්. ඔවුන්ට යම්කිසි ලාභයක් උපයාගන්නා ගමන් ජනතාවට සේවයක් කරන්න පුළුවන්.”

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *