නව කොවිඩ් වෛරසය හමුවේ ඉන්දියාව

ලොව පුරා නැවත පැතිරෙමින් පවතින නව කොවිඩ් වෛරසය හමුවේ ඉන්දියාවේ රෝගීන් 1,009 ක් මේ වන විට වාර්තා වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
ඉන්දියාවේ අගනුවර වන දිල්ලි හී අවම වශයෙන් රෝගීන් 104 ක් සිටින බවත් ඉන් 99 දෙනෙකු පසුගිය සතිය තුළ වාර්තා වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.
කේරළය, මහාරාෂ්ට්‍ර සහ දිල්ලි ඇතුළු ප්‍රාන්තවල කොවිඩ් රෝගීන් සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බවත් ඒ අනුව කේරළයේ රෝගීන් 430 ක් මහාරාශ්ට්‍ර ප්‍රාන්තයේ රෝගීන් 209 ක්, ගුජරාටයේ රෝගීන් 83, කර්ණාටක 47 ක්, උත්තර් ප්‍රදේශ් හී රෝගීන් 15 ක් සහ බටහිර බෙංගාලයේ රෝගීන් 12 ක් මේ අනුව වාර්තා වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.
කොවිඩ් හේතුවෙන් මරණ 4 ක් මහාරාෂ්ට්‍රයෙන්ද මරණ දෙකක් කේරළයෙන් සහ එක් මරණයක් කර්ණාටකයෙන්ද වාර්තා වී ඇති බව වාර්තා වෙනවා.