දශකයකට පසු යළිත් ඇරඹෙන ඉන්දීය නවසිලන්ත සාකච්ඡා

දශකයකට පසු ඉන්දියාව සහ නවසීලන්තය නිදහස් වෙළඳ සාකච්ඡා නැවත ආරම්භ කරන බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.
ඒ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ නවසීලන්ත අග්‍රාමාත්‍ය ක්‍රිස්ටෝපර් ලුක්සන් සමඟ පැවති ද්විපාර්ශ්වික සාකච්ඡාවේදීයි. එහිදී ලබන මාසයේ සාකච්ඡාවල පළමු වටය ආරම්භ කිරීමට දෙපාර්ශ්වය එකඟ වී තිබෙනවා.
දෙරට අතර වෙළඳ සාකච්ඡා 2010 වසරේදී ආරම්භ වූ නමුත් සාකච්ඡා වට කිහිපයකින් පසුව එය නතර වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.
නවසීලන්ත අග්‍රාමාත්‍යවරයා, අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සමග සාකච්ඡා සිදු කර තිබෙන්නේ, ඉන්දියාවේ දින පහක සංචාරයක නිරතවන අතරතුරයි.
