වෙඩි වැදුණූ ඉන්දීය ධීවරයෝ

ඩෙල්ෆ් දූපත ආසන්නයේදී ඉන්දීය ධීවරයින් 11 දෙනෙකු අත්අඩංගුවට ගැනීමේදී නාවික හමුදා සෙබලෙකු අතින් සිය ගිනි අවිය ක්‍රියාත්මක වී ඉන්දීය ධීවරයින් තුවාළ ලැබීමේ සිද්ධියක් අද (28) පෙරවරුවේ වාර්තා වුණා.

සිද්ධියෙන් තුවාල ලැබූවන් යාපනය ශික්ෂණ රෝහලේ ප්‍රථිකාර ලබමින් සිටින අතර, මෙම සිදුවීම සම්බන්ධයෙන් ඉන්දීය රජය විසින් ශ්‍රී ලංකාවට දැඩි අප්‍රසාදය පළ කර තිබෙන බව වාර්තා වෙනවා.

නවදිල්ලි ශ්‍රී ලංකා වැඩ බලන මහකොමසාරිස්වරයා, ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශයට කැඳවා, අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ඉන්දීය රජය විරෝධය පළ කර ඇති බව ඉන්ධිය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ජීවනෝපාය ගැටලු සැළකිල්ලට ගනිමින් ධීවරයින් පිළිබඳ ගැටළු මානුෂීය ආකාරයෙන් සළකා බැලීමේ අවශ්‍යතාව ඉන්දීය රජය එහිදී අවධාරණය කර ඇති බව සඳහන් වෙන අතර, ඉන්දීය විදේශ කටයුතු අමාතශංශය පවසන්නේ බලය භාවිත කිරීම කිසිදු අවස්ථාවක් යටතේ පිළිගත නොහැකි අතර, මේ සම්බන්ධව ආණ්ඩු දෙක අතර පවතින අවබෝධතා දැඩි ලෙස නිරීක්ෂණය කළ යුතු බවයි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *