ට‍්‍රම්ප්ගේ තීරණයෙන් අසරණ වූ ඉන්දියානුවෝ

අමෙරිකාව විසින් පිටුවහල් කරන ලද ඉන්දීය ජාතිකයින් 104 දෙනෙකු රැගත් අමෙරිකානු ගුවන් යානයක් ඉන්දියාවේ පන්ජාබ් ප්‍රාන්තය වෙත ගොඩබස්වා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

නීති විරෝධී ලෙස අමෙරිකාවේ රැඳී සිටින විදේශිකයින් පිටුවහල් කිරීමට ගත් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තීරණයට අනුව අදාළ ඉන්දීය ජාතිකයින් පිරිස අමෙරිකානු හමුදා ගුවන් යානයකින් මෙලෙස පිටුවහල් කර ඇති බව සඳහන් වෙනවා.

පිටුවහල් කළ ඉන්දීය ජාතිකයින් අතර පන්ජාබ්, හර්යානා, චන්දිගර්, උත්තර් ප්‍රදේශ් සහ ගුජරාට් යන ප්‍රාන්තවල පදිංචිකරුවන් වන බව ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.

අමෙරිකාව විසින් පිටුවල් කිරීමට නියමිත විදේශීක ලැයිස්තුවට ඉන්දීය ජාතිකයින් 18,000 ක් ඇතුළත් වන බව විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *