ඉන්දු – ශ්‍රී ලංකා අවබෝධතා ගිවිසුම් හුවමාරුව

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ආරක්ෂක, බලශක්ති, ඩිජිටල්කරණ සහ සෞඛ්‍ය යන ක්ෂේත්‍රවලට අදාළ අවබෝධතා ගිවිසුම් කිහිපයකට අත්සන් තැබීම අද 5 පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදුවු බව වාර්තා වෙනවා.

දිවයිනට පැමිණ සිටින ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පිළිගැනීමේ නිල උත්සවය අද පෙරවරුවේ කොළඹ නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයේදී පැවැත්වුණා. ඉන් පසු ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ජනාධිපති කාර්යාලයට පැමිණි අතර, එහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෝදි අග්‍රාමාත්‍යවරයා ඉතා උණුසුම් ලෙස පිළිගනු ලැබුවා.

ඉන් පසු ජනාධිපති කාර්යාලයේදී දෙරටේ නායකයින් ද්වීපාර්ශ්වික සාකච්ඡාවලට ද එක්වූ අතර, අදාළ සාකච්ඡාවලින් අනතුරුව අවබෝධතා ගිවිසුම් අත්සන් තැබීම සහ ඉන්දු – ශ්‍රී ලංකා ඒකාබද්ධ මාධ්‍ය හමුව ආරම්භ කෙරුණූ බව සඳහන් වෙනවා.

මෙහිදී අත්සන් තබන ලද අවබෝධතා ගිවිසුම් හුවමාරු කරගැනීම සිදුවූ අතර,
ඉන් අනතුරුව ඉන්දියාවේ සහයෝගයෙන් ඉදිකෙරෙන සාම්පූර් සූර්ය විදුලි බලාගාර ව්‍යාපෘතියේ පළමු අදියර ආරම්භ කිරීම දෙරටේ රාජ්‍ය නායකයින් මාර්ගගත ක්‍රමය ඔස්සේ සිදුකරනු ලැබුවා.

මේ අතර මෙරට ආගමික ස්ථාන 5,000 ක වහල මත සවිකෙරුණු සූර්ය පැනල ව්‍යාපෘතිය විවෘත කිරීමටද නායකයින් දෙපළ මාර්ගගත ක්‍රමය ඔස්සේ එක්විය.

එමෙන්ම උෂ්ණත්වය සහ ආර්ද්‍රතාවය පාලනය කළ හැකි ලෙස දඹුල්ලේ ඉදිකෙරුණු ශීතාගාර සහිත කෘෂි ගබඩා සංකීර්ණය ද අගමැති මෝදි මහතා සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විවෘත කරනු ලැබීය.

මේ අතර මෙරට ඉන්දීය ණය ප්‍රතිව්‍යුගතකරණයට අදාළ ගිවිසුම් හුවමාරු කරගැනීම සිදු කෙරුණු අතර, මෙහිදී විදෙස් නායකයෙකු වෙනුවෙන් මෙරටින් පිරිනමන ඉහළම සම්මානය වන .මිත්‍ර විභූෂණ. සම්මානය ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වෙත පිරිනැමීම ද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතින් සිදුකෙරුණාු බව සඳහන් වෙනවා.

අවබෝධතා ගිවිසුම් හුවමාරු කරගැනීමේ අවස්ථාවෙන් අනතුරුව දෙරටේ නායකයින් ඒකාබද්ද ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වුණා.

එහිදී අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා,

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *