“ඉන්ටර්නැෂල් මාස්ටර්ස් ලීග්” ආරම්භය අදයි

හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන .ඉන්ටර්නැෂල් මාස්ටර්ස් ලීග්. ක්‍රිකට් තරගාවලිය අද (22) ඉන්දියාවේදී ආරම්භ වෙන අතර, තරගාවලිය ආරම්භ කරමින් පළමු තරගය ශ්‍රී ලංකා මාස්ටර්ස් කණ්ඩායම සහ ඉන්දීය මාස්ටර්ස් කණ්ඩායම අතර අද පැවැත්වීමට නියමිතයි.

‍මුම්බායිහි ආචාර්ය ඩී.වයි. පටිල් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම තරගය මෙරට වේලාවෙන් ප.ව. 7.30 ට ආරම්භ වෙන බව වාර්තා වෙනවා.

ශ්‍රී ලංකාව හා සත්කාරක ඉන්දියාව සමගින් බ.ඉ.කොදෙව්, ඔස්ට්‍රේලියාව හා දකුණු අප්‍රිකාව නියෝජනය කරමින් කණ්ඩායම් 5 ක් මෙහිදී ක්‍රීඩාකරනු ලබන අතර, තරගාවලිය මාර්තු 16වනදා දක්වා පැවැත්වෙන බව වාර්තා වෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *