ජාත්‍යන්තර වෙසක් දින උළෙල ජනපති මූලිකත්වයෙන්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද වියට්නාමයේ හෝ චි මින් නුවර පැවැත්වෙන ජාත්‍යන්තර වෙසක් දින උළෙලට එක් වීමට නියමිතයි.

එහි ප්‍රධාන ආරාධිත දේශනය පවත්වන්නේ ද, ජනාධිපතිවරයා විසිනි.

තුන් දින රාජ්‍ය සංචාරයක් සඳහා ජනාධිපතිවරයා පසුගිය 3 වැනිදා පස්වරුවේ වියට්නාමය බලා පිටත්ව ගියා. වියට්නාම ජනාධිපතිවරයා සමග හමුව පැවැත්වුණේ ඊයේ පස්වරුවේයි.

ඊට අමතරව එරට කොමියුනිස්ට් පක්ෂ ප්‍රධාන ලේකම් ව්‍යාපාරික ප්‍රජාව ඇතුළු පාර්ශ්ව රැසක් සමග ජනාධිපතිවරයා සාකච්ඡා කර තිබෙනවා.

මේ අතර, වියට්නාම සංචාරය අවසන් කරමින් ජනාධිපතිවරයා අද දිවයිනට පැමිණීමට නියමිත බව සඳහන වෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *