කතරගම පිහිටි රාජපක්ෂ නිවසේ විමර්ශනය

කතරගම ප්‍රදේශයේ ස්ථාපිත රාජපක්ෂ පවුලට අයත් බව කියන නිවස සම්බන්ධ විමර්ශනවල කරුණු නීතිපතිවරයා වෙත යොමු කරන බවත්, නීතිපතිවරයා ලබා දෙන උපදෙස් අනුව ඉදිරි පියවර ගන්නා බවත්, පොලීසිය පවසනවා.

රාජපක්ෂ පවුලට අයත් බව කියන කතරගම නිවස සම්බන්ධයෙන් කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඩිශාන් ගුණසේකර හා කිරිවෙහෙර රජමහා විහාරාධිපති පූජ්‍ය කොබොවක ධම්මින්ද ස්වාමීන් වහන්සේගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පෙරේදා හා ඊයේ ප්‍රකාශ සටහන් කරගනු ලැබුවා.

මීට අමතරව එම නිවස ඉදිකිරිමේදී විවිධ අවසර ලබා ගත් කතරගම ප්‍රදේශයේ රාජ්‍ය ආයතන, පළාත් පාලන ආයතන මෙන්ම කතරගම ප්‍රාදේශීය ලේකම්වරයා ඇතුළු රාජ්‍ය නිලධාරින්ගෙන් ද මේ සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කර ගත් බව පොලීසිය සඳහන් කරනවා.

ඒ අනුව, එම සියලු ප්‍රකාශ නීතිපති දෙපාර්තමේන්තුවට යොමු කරනු ඇති බවත් පොලීසිය පවසනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *