විපක්ෂනායකවරයාගෙන් ලැබුණු ආරාධනය

පළාත් පාලන ආයතනවල සභාපතිවරුන් පත්කිරීම සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් හෙට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතව තිබෙනවා.
මෙම සාකච්ඡාව සඳහා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාටත් ආරාධනා ලැබී තිබෙනවා.
ඒ අනුව, විපක්ෂනායකවරයාගේ ආරාධනයෙන් හෙට (17) දිනයේ පැවැත්වෙන සාකච්ඡාව සදහා තමන් ද සහභාගී වන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා.
අද (16) පස්වරුවේ පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කර තිබෙනවා.