ඉන්දු – පාකිස්තාන ගැටුම් නිසා නැවැත්වූ IPL නැවතත්

ඉන්දු – පාකිස්තාන ගැටුම් හේතුවෙන් තාවකාලිකව නවතා තිබූ ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) ක්‍රිකට් තරගාවලිය හෙට (17) සිට යළි ආරම්භවීමට නියමිත බව වාර්තා වෙනවා.

ඒ අනුව, රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සහ කොල්කටා නයිට් රයිඩර් කණ්ඩායම අතර තරගය හෙට (17) රාත්‍රි 7 ට බැංගලෝර්හිදී පැවැත්වීමට නියමිත බව සඳහන් වෙනවා.

ප්‍රසාද ලකුණු සටහනේ දෙවන ස්ථානය රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමට හිමිව ඇති අතර, කොල්කටා නයිට් රයිඩර් කණඩායම පසුවන්නේ එහි හයවන ස්ථානයේයි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *