එහෙම අතරමගදී නතර වෙන්න පුළුවන්ද?

පලස්තීනය විසින් සෙනසුරාදා දහවල් වන විට අපගේ ප්‍රාණ ඇපකරුවන් ආපසු නිදහස් නොකළ හොත් ගාසා තීරයේ සටන් විරාමය අවසන් කර නැවත දැඩි සටන් ආරම්භ කරන බව ඊශ්‍රායල අනතුරු අඟවන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම කල්දමන බවට හමාස් සංවිධානය කළ නිවේදනයට ප්‍රතිචාර වශයෙන් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු මේ බව පවසා ඇති බව විදෙස් වාර්තා සඳහන් කරනවා.
ගාසා තීරය තුළ සහ ඒ අවට ඊශ්‍රායල හමුදා ආරක්ෂාව තර කරන ලෙස තමා නියෝග කළ බවද බෙන්ජමින් නෙතන්යාහු පවසා තිබෙන අතර, හමාස් සංවිධානය විසින් ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් 76 දෙනෙකු තවදුරටත් රඳවාගෙන සිටින බව ඔහු වැඩිදුරටත් පවසනවා.
කෙසේ වෙතත්, තමන් වෙත ලැබෙන මානුෂීය ආධාර අවහිර කිරීම ඇතුළුව සති තුනක් පැරණි සටන් විරාම ගිවිසුම උල්ලංඝනය කළ බවට හමාස් සංවිධානය විසින් ඊශ්‍රායලයට චෝදනා කර තිබෙන බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරනවා.