දුන්න කෙනාද වැරදි ගත්ත කෙනාද?

නිකවැරටිය පොලිස් ස්ථානයේ සැරයන්වරයකුට රුපියල් 20,000 ක මුදලක් අල්ලස් වශයෙන් පිරිනැමීම සහ එයට ආධාර අනුබලදීම යන අල්ලස් චෝදනා මත පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වෙනවා.

නිකවැරටිය මූලස්ථාන පොලිස් ස්ථානයේ නොවිසඳුණු අපරාධ විමර්ශන අංශය මගින් සිදු කරන ගව සොරකම් කිරීමේ සිද්ධියකට අදාළව අවශ්‍ය කරනු ලබන සැකකරුවන් දෙදෙනෙකු, එම අපරාධයේ සැකකරුවන් ලෙස නම් නොකර සාක්ෂිකරුවන් වශයෙන් නම් කරන ලෙසට ඉල්ලා මෙම මුදල අල්ලස් වශයෙන් ලබා දී තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ දඹදෙණිය සහ අලව්ව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් දෙදෙනෙකු බව නිවේදනයක් නිකුත්කරමින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසා තිබෙනවා.

ඔවුන් ඊයේ (06) ප.ව. 4 ට පමණ නිකවැරටිය පොලිස් ස්ථානය ඉදිරිපිට ඇති වෙළෙඳසැලක් තුළදී හා පොලිස් ස්ථානයේ ප්‍රධාන ගේට්ටුව අසල දී අල්ලස් කොමිසමේ අත්අඩංගුවට පත්ව ඇති අතර, අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන් නිකවැරටිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *