ඇත්තටම දේශබන්දු එකක් ඩීල් එකක් තියෙනවද?

හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාව පමණක් නොව, තවත් සැකකරුවන් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා ද පොලිස් කණ්ඩායම් යොදවා ඇති බව, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.

අද (18) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් මාධ්‍යවේදීන් අසා සිටියේ දේශබන්දු තෙන්නකෝන් මහතාව අත්අඩංගුවට නොගන්නේ රජය සමග ඇති වෙනත් ගනුදෙනුවක් නිසාවෙන් ද යනුවෙනි.

මේ අතර, දේශබන්දු තෙන්නකෝන් මහතාගේ වැඩතහනම් කිරීම සම්බන්ධයෙන්, රජය ගනු ලබන තීරණය කුමක් ද යන්න පිළිබඳ මාධ්‍යවේදීන් ප්‍රශ්න කර සිටි අතර, ඒ පිළිබඳ කරුණු පැහැදිලි කරමින් අමාත්‍යවරයා පවසා සිටියේ ඉදිරියේ දී ඒ පිළිබඳව පොලීසිය භාර අමාත්‍යවරයා විසින් දැනුම්දෙනු ඇති බවයි.

“එයට පිළිතුරු දෙමින් කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසා සිටියේ, “දේශබන්දු තෙන්නකෝන් පමණක් නොව තවත් කිහිපදෙනෙක්ම ඉන්නවා පොලිස් කණ්ඩායම් යොදවලා අත්අඩංගුවට ගන්න. ඔබ අපිට කියන්නේ නෑනේ ප්‍රසන්න රණවීරත් එක්ක මොකක් හරි ඩීල් එකක් තියෙනවා කියලා. අපි එයාවත් හොයනවා. සෙව්වන්දිවත් හොයනවා. තව ඔබලා නම නොදන්න කිහිපදෙනෙක් හොයනවා. පොලිස් කණ්ඩායම් යොදවලා තියෙන්නේ. ගණේමුල්ල සංජීව ඝාතනයේ 13ක් මේ වෙද්දි අත්අඩංගුවට ගෙන තියෙනවා. නඩු පැවරීම ආරම්භ කරනවා. ඒ අතර පොලිස් නිලධාරීන් දෙදෙනෙකු සහ බන්ධනාගාර ජේලර්වරයෙකුත් ඉන්නවා. මේ පරීක්ෂණ කරගෙන යනකොට රාජ්‍ය යාන්ත්‍රණය තුළටත් නිලධාරීන් අත්අඩංගුවට ගැනීම දක්වා විහිදිලා තියෙන්නේ. පොලීසිය උපරිමය කටයුතු කරමින් ඉන්න කියන්න පුළුවන්. ඒ නිසා ගැලවෙන්න බෑ. අපි නොදන්න පොලීසිය නොදන්න කරුණු ඔබ දන්නවා නම් ඉදිරිපත් කරන එක තමා හොඳ. අනිවාර්යයෙන්ම නීතිය ක්‍රියාත්මක වෙන බවට සහතික වෙන්න පුළුවන්.”

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *