ඇත්තටම එහෙම තත්වයක් තියෙනවද?

දිවයිනේ පැසැල් රැසක උසස් පෙළ ගුරුවරුන්ගේ දැඩි හිඟයක් පවතින බව ලංකා ගුරු සංගමය පවසනවා.

මේ සඳහා ගුරුවරුන් බඳවා ගැනීම සඳහා රජයට කිසිඳු වැඩපිළිවලක් නොමැති බව එහි ලේකම් ජෝෂප් ස්ටාර්ලන් මහතා සඳහන් කරනවා.

“රජය දිගින් දිගටම කියනවා 30,000ක ගුරු හිඟයක් තියෙනවා කියලා. මේක පුරවන්න වැඩපිළිවෙලක් නෑ. මේ වෙද්දි කොළඹ ඇතුළු ප්‍රධාන නගරවල ජාතික පාසල්වල තියෙන ප්‍රධාන ප්‍රශ්නයක් තමා උසස් පෙළ ගුරු හිඟයක් තියෙනවා. ඉන්න ගුරුවරුන්ට දැන් බරපතළ ප්‍රශ්නයක් වෙලා තියෙනවා දරාගන්න බැරි කාලසටහන් ප්‍රමාණයක් ඔවුන්ට ලැබිලා තියෙනවා. උසස් පෙළ සඳහා අවශ්‍ය වෙන්නේ විද්‍යාව, ගණිතය සඳහා ඉංග්‍රීසි මාධ්‍ය උපාධිධාරීන් අවශ්‍යයයි. IT ගුරුවරු අවශ්‍යයි. ඔවුන්ව බඳවා ගන්න කිසිම වැඩපිළිවෙලක් නෑ. මේක බරපතළ අර්බුදයක්.”

විශේෂයෙන් ම පාසල්වල ගුරු හිඟය වැනි කරුණු හේතුවෙන් අවිධිමත් උපකාරක පංති ක්ෂේත්‍රය ප්‍රවර්ධනය වන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ අධ්‍යක්ෂ හා ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා ද පවසනවා.

ඒ වගේම, අධ්‍යාපන පද්ධතිය තුළ පවතින ගැටලු නිරාකරණය කිරීම සඳහා මෙවර අයවැය මඟින් සාධනීය ප්‍රතිචාරයක් දක්වා නොමැති බවත්, උපකාරක පන්ති ක්ෂේත්‍රය පුරා රුපියල් බිලියන 200 කට අධික මුදලක් සංසරණය වන බවත්, මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු පැහැදිලි කරමින් මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා සඳහන් කරනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *