මෙච්චර මහ සෙනගක් හෙට පසලොස්වක පෝය නිසාද?

ශ්‍රී පාදස්ථානය කරුණා කිරීමට හැටන් මාර්ගය ඔස්සේ වන්දනා කරුවන් විශාල පිරිසක් පැමිණෙමින් සිටින බව නල්ලතන්නිය පොලිසිය පවසනවා.

පසලොස්වක පෝය හෙට (13) දිනට යෙදී තිබීමෙන් මෙසේ වන්දනාකරුවන් රැසක් පැමිණෙමින් සිටින බව සඳහන් වෙනවා.

එසේ පැමිණෙන වන්දනාකරුවන්ගේ වාහන ගාල් කිරීමට පහසුකම් සලසා ඇති බවත්, වන්දනාකරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂිත වැඩපිලිවෙලක් දියත් කර ඇති බව නල්ලතන්නිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඊ.ඒ.පි.එස්. වීරසේකර මහතා පවසනවා.

මේ අතර, මත්පැන් පානය කර සහ මත්ද්‍රව්‍ය රැගෙන එන පිරිස් අත්අඩංගුවට ගැනීමට විශේෂ සැලැස්මක් දියත්කර ඇති බවද පොලිස් ස්ථානාධිපතිවරයා පවසනවා. දුම්රියෙන් පැමිණෙන වන්දනාකරුවන් වෙනුවෙන් විශේෂ දුම්රිය කිහිපයක් ධාවනයට එක්කර තිබෙනවා.

එසේ දුම්රියෙන් පැමිණෙන වන්දනාකරුවන් හැටන් දුම්රිය ස්ථානයේ සිට නල්ලතන්නිය දක්වා සහ නල්ලතන්නිය සිට ආපසු හැටන් දුම්රිය ස්ථානය දක්වා රැගෙන ඒමට හැටන් ලංගම ඩිපෝව මගින් සෑම දුම්රිය වාරයකදීම ලංගම බස් රථ ගණනාවක් ධාවනට එක් කර ඇති බව හැටන් දුම්රිය ස්ථානාධිපති ජානක ප්‍රනාන්දු මහතා පවසනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *