මේ ඇමෙරිකානුවන්ට රතු එළියක්ද?

බංග්ලාදේශයේ ඩකා හි පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය විසින්, එරට සිටින අමෙරිකානු පුරවැසියන් සඳහා උපදෙස් මාලාවක් නිකුත් කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ, ඩකා නුවර පැවැත්වෙන විරෝධතා සැලකිල්ලට ගනිමිනි.
ගාසා ගැටුම්වලට ප්‍රතිචාර වශයෙන් ඩකා සහ රට පුරා විරෝධතා දැක්වීමට විශ්වවිද්‍යාල සිසුන් කටයුතු කරන බව එරට අමෙරිකානු තානාපති කාර්යාලයේ ප්‍රකාශකයෙකු සඳහන් කර තිබෙනවා.
එමෙන්ම, තානාපති කාර්යාලය අමෙරිකානුවන්ගෙන් ඉල්ලා සිටින්නේ එවැනි ප්‍රදේශ මගහැරීමට, යාවත්කාලීන වන මාධ්‍ය වාර්තා අනුගමනය කිරීම, ජනාකීර්ණ ස්ථානවල ගැවසීමෙන් වැළැකීම, පෙළපාලිවලින් වළකින ලෙස සහ හදිසි සන්නිවේදනය සඳහා සෑමවිටම ආරෝපිත ජංගම දුරකථනයක් රැගෙන යන ලෙසයි.
මේ අතර, ගාසා තීරයේ පවතින යුද ගැටුම්වලට එරෙහිව බංග්ලාදේශයේ විරෝධතා සිදුකළ පුද්ගලයින් 49 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා. ඒ විරෝධතා අතරතුර ප්‍රචණ්ඩකාරීව හැසිරීම හේතුවෙනි.
ඊශ්‍රායල විසින් ගාසා තීරයට එල්ල කරන ප්‍රහාරවලට විරෝධය පළ කරමින් ඩකා අගනුවර ඇතුළු බංග්ලාදේශය පුරා විරෝධතා ආරම්භ වී ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරනවා.
විරෝධතාකරුවන් ඊශ්‍රායල භාණ්ඩ වර්ජනය කරන ලෙස ඉල්ලමින් සහ බංග්ලාදේශයේ පිහිටි විදෙස් රටලට අයත් ආයතන විනාශ කරමින් වර්ජනයේ නිරත වන බවද එම මාධ්‍ය කරනවා.