මේ ඇමෙරිකාවත් එක්ක කරන කරට කර සටනක්ද?

අමෙරිකානු ආනයනයන් සඳහා චීනය විසින් 84% ක තීරු බද්දක් පනවා තිබෙන බව චීනයේ මුදල් අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ අනුව, එය හෙට 10 සිට ක්‍රියාත්මක බව විදේශ මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් චීන ආනයන සඳහා පැනවූ 104% ක බදු අද 09 සිට ක්‍රියාත්මක වෙන අතර, ඒ අනුව චීන මුදල් අමාත්‍යාංශය, අමෙරිකා එක්සත් ජනපදයෙන් ආනයනය කරන ලද භාණ්ඩ සඳහා 84% ක තීරුබදු ප්‍රකාශයට පත් කිරීමට කටයුතු කර තිබෙන බව සඳහන් වෙනවා.

එමෙන්ම චීනය විසින් “විශ්වාස කළ නොහැකි ආයතනය” ලෙස නම් නම් කරමින් සමාගම් ලැයිස්තුවක් නිකුත්කර තිබෙනවා. එයට එක්සත් ජනපද ව්‍යාපාර 06 ක් ද එකතු කර ඇති බව එහි වාණිජ අමාත්‍යාංශය පවසනවා.

මෙයට අභ්‍යවකාශ සහ ආරක්ෂක සමාගමක් වන සියෙරා නෙවාඩා සංස්ථාව “Sierra Nevada Corporation” මෙන්ම AI සමාගම් ද ඇතුළත් වෙනවා.

චීනය මීට පෙර PVH සමාගම, හිමිකාරීත්වය දරන සන්නාම වන කැල්වින් ක්ලයින් සහ ටොමී හිල්ෆිගර් “Calvin Klein and Tommy Hilfiger”  – ලැයිස්තුවට එක් කර තිබෙනවා.

“විශ්වාස කළ නොහැකි ආයතනය” ලෙස හැඳින්වෙන බැවින් එම සමාගම වලට චීනයේ ව්‍යාපාර කිරීමේ දී සම්බාධක සහ දඩවලට මුහුණ දිය හැකි බැවින් එය ඉතා දුෂ්කර කාර්යයක් වනු ඇති බව සඳහන් වෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *