මෙහෙම වෙන්න හේතුව ජනපති ට‍්‍රම්ප්ගේ තීරණයද?

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ශ්‍රී ලංකාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා 44% ක තීරු බද්දක් පැනවීමට තීරණය කර ඇති තත්වයක් තුළ, අද 03 දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල සැලකිය යුතු පහළ යාමක් දක්නට ලැබුණු බව වාර්තා වෙනවා.
දිනය තුළ සියලු කොටස් මිල දර්ශකය ඒකක 349.84 කින් පහළ ගොස් තිබුණු අතර, S&P SL20 දර්ශකය ඒකක 119.30 කින් පහළ ගොස් තිබුණු බව සඳහන් වෙනවා.
ඒ අනුව, ගතවෙන දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 15,657.60 ක් ලෙසත්, S&P SL20 දර්ශක අගය ඒකක 4,643.32 ක් ලෙසත් සටහන් වී තිබෙනවා.
අද දින ගනුදෙනු පිරිවැටුම රු. බිලියන 3.82 ක් ලෙසින් වාර්තා වෙනවා.
