මේ සිද්ධියත් සංජීවගේ ඝාතනයට සම්බන්ධයිද?

අද (08) සවස 6.45ට පමණ, ගම්පහ අකරවිට ප්‍රදේශයේ වෙඩිතැබීමක් සිදුව තිබෙන බව වාර්තා වෙනවා.
යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් යතුරුපැදි අමතරකොටස් අලෙවිසැලක සිටි පුද්ගලයින් දෙදෙනෙකු ඉලක්ක කර එම වෙඩිතැබීම සිදුකර ඇති බව පොලීසිය සඳහන් කරනවා.
කෙසේ වෙතත්, වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයින් දෙදෙනා මේ වනවිට ප්‍රතිකාර සඳහා ගම්පහ රෝහලට ඇතුළත් කර ඇති බවත්, වෙඩිතැබීමේන් තුවාල ලබා ඇත්තේ 36 හැවිරිදි චාමර නදි සදරැවන් නැමැති යතුරුපැදි අලෙවිසැලේ හිමිකරු සහ 30 හැවිරිදි අසිත දේවින්ද නැමැති යතුරුපැදි අලෙවිසැලේ සහයකයා බව පොලීසිය සඳහන් කරනවා.
මෙම යතුරපැදි අලෙවිසැලේ හිමිකරු සංවිධානාත්මක අපරාධකරුවකු වන කෙහෙල්බද්දර පද්මේ යන අයගේ සබඳතාවය මත මත්ද්‍රව්‍ය ජාවාරම සිදුකරන පුද්ගලයකු බව වාර්තා වෙනවා.
ඔහුට ගණේමුල්ල සංජීවගේ මත්ද්‍රව්‍ය ව්‍යාපාරය සිදු කරනු ලබන තම්මිට සුමිත් නමැත්තා විසින් එම ව්‍යාපාරය නතර කරන ලෙස තර්ජනය කර ඇති බවත්, ඒ හේතුව මත මෙම වැඩිතැබීම තම්මිට සුමිත් නමැත්තා විසින් මෙහෙයවා සිදුකර ඇති බවත් මේ වන විට වාර්තා වී ඇති බව පොලීසිය සඳහන් කරනවා.
මෙම වෙඩිතැබීම 9පප වර්ගයේ ගිනිඅවියකින් සිදුකර ඇති අතර, සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ගම්පහ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.