ඇත්තටම මේවට කියන්නේ සාද කියලද?

පමුණුගම, උස්වැටකෙයියාව ප්‍රදේශයේ හෝටලයක් තුළ නීති විරෝධී මත්ද්‍රව්‍ය භාවිතා කරමින්, ඊයේ (23) රාත්‍රියේ ඉන්ස්ටගෑම් සාදයක් පවත්වන බවට පමුණුගම පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත, පොලීසිය විසින් එම ස්ථානයේ වැටලීමක් සිදුකර තිබෙනවා.
එම අවස්ථාවේ, මෙම සාදයට සහභාගි වූ තරුණයන් හා තරුණියන් අයිස් මත්ද්‍රව්‍ය හා ගංජා පානය කරමින් සිටි බව පොලීසිය පවසනවා.
එහිදී අයිස් මත්ද්‍රව්‍ය සහ කේරළ ගංජා සන්තකයේ තබාගෙන සිටි සැකකරුවන් 16 ක් අත්අඩංගුවට ගෙන ඇති අතර, එහි රැඳී සිටි සැකකාරියන් 07 දෙනෙකු සහ සැකකරුවන් 34 දෙනෙකුද පොලිසිය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙන බව සඳහන් වෙනවා.
තවද මෙම සාදය පැවැත්වූ හෝටලයේ හිමිකරු ද අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 03 යි මිලිග්‍රෑම් 200 ක් සමග අත්අඩංගුවට ගෙන තිබෙන අතර, අත්අඩංගුවට ගත් සැකකරුවන් හා සැකකාරියන් අවුරුදු 18 ත් 35 අතර වයස්වල පසුවන කොළඹ තදාසන්න ප්‍රදේශවල පදිංචිකරුවන් බව වාර්තා වෙනවා.
සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන පමුණුගම පොලීසිය විසින් සිදු කරනු ලබයි.