පුරුදු වෙන්න කරන දෙයක් නම් වෙන්න බැහැ

නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ රුපියල් 5,880,000ක් වටිනා විදෙස් දුම්වැටි තොගයක් සමග, කාන්තාවක් සහ පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වෙනවා.

අද (06) අලුයම පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් මෙම මෙම සැකකරුවන් දෙදෙනාව කටුනායක ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට පත් සැකකරුවන් නිට්ටඹුව ප්‍රදේශයේ පදිංචිකරුවන් වෙන අතර, 42 හැවිරිදි කාන්තාව විසින් මෙම දුම්වැටි මෙරටට ගෙන ඒම සඳහා පැමිණි ඇති අතර, අනෙක් පුද්ගලයා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ, සාජා නුවර මහල් නිවාසයක සේවය කරන 23 හැවිරිදි තරුණයෙක් බව පොලීසිය පවසනවා.

සැකකාර කාන්තාව අද අලුයම 12.00 ට ඩුබායි සිටත් සහ පිරිමි පුද්ගලයා අලුයම 04.40 ට සජා නුවර සිටත් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණු අතර, ඔවුන් රැගෙන පැමිණි ගමන් මලු තුළ තිබී විදේස් දුම්වැටි 39,200 ක් අඩංගු දුම්වැටි කාටූන් 196 ක් හමු වී තිබෙනවා.

සැකකරුවන් ඇප මත මුදාහැර ඇති අතර, එළැඹෙන 12 වනදාට මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *