ඒක නිකම්ම සංචාරයක් වෙන්නත් බැහැ

ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයශංකර් බ්‍රිතාන්‍යයේ නිල සංචාරයක් සිදුකරන බව ඉන්දීය මාධ්‍ය සඳහන් කරනවා. එම සංචාරයෙන් අනතුරුව ඔහු අයර්ලන්තයට පැමිණීමට නියමිත බවත් වාර්තා වෙනවා.
සහයෝගීතාව තවදුරටත් ඉහළ නැංවීම සඳහා මාර්ග ගවේෂණය කිරීම අරමුණු කර ගනිමින් මෙම සංචාරය සිදු කෙරෙන බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශය පවසා තිබෙනවා.
එස්. ජයශංකර් ප්‍රථමයෙන් ලන්ඩනයට පැමිණ බ්‍රිතාන්‍ය විදේශ ලේකම් සමඟ ද්විපාර්ශ්වික කලාපීය සහ ගෝලීය ගැටලු පිළිබඳව සාකච්ඡා පවත්වීමට නියමිතයි.
එහිදී විශේෂයෙන්ම ඔවුන් යුක්‍රේන අර්බුදය සම්බන්ධයෙන් ද සාකච්ඡා කරනු ඇති බව අපේක්ෂිතයි.
එමෙන්ම ඉන්දියාව සහ එක්සත් රාජධානිය අතර යෝජිත නිදහස් වෙළෙඳ ගිවිසුම සම්බන්ධයෙන් ද මෙහිදී ඉහළ පෙළේ සාකච්ඡාවක් පවත්වනු ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.