ඒක ප‍්‍රශ්නෙට තාවකාලික විසඳුමක්

මෙරට වාර්ෂික ලුණු අවශ්‍යතාව මෙට්‍රික් ටොන් ටොන් ලක්ෂ 02 ක් වන බවත්, පසුගිය වසරේ අවසන් කාර්තුවේ පැවති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මෙරට ලුණු නිෂ්පාදනය පහත වැටුණු නිසා රටේ සමස්ථ ඉල්ලූමට සරිලන සැපයුමක් ලබා දීමට නොහැකි වුණ බවත් රාජ්‍ය විවිධ නීතිගත සංස්ථාව සඳහන් කරනවා.
මේ හේතුවෙන් ලුණු ආනයනය කිරීමට රජය තීරණය කළ අතර, ඒ අනුව මේ වන විට ඉන්දියාවෙන් ලුණු මෙට්‍රික් ටොන් 12,000 ක් ආනයනය කර තිබෙන අතර, මෙම ආනයනය තාවකාලික බව රාජ්‍ය විවිධ නීතිගත සංස්ථාව සඳහන් කරනවා.
මේ අතර, ලුණු මිල ඉහළ දැමීමට හම්බන්තොට ලංකා ලුණු සමාගම තීරණය කර තිබෙන බව වාර්තා වෙනවා. ආනයනික ලුණු සඳහා වැඩි පිරිවැයක් දැරීමට සිදුවීම හේතුවෙන් මෙලෙස මිල ඉහළ නංවා ඇති බව සඳහන් වෙනවා.
ඒ අනුව, ග්‍රෑම් 400 ලුණු කුඩු පැකට්ටුවක් රුපියල් 100 සිට රුපියල් 120 දක්වා රුපියල් 20 කින්ද, ලුණු කැට කිලෝවක පැකට්ටුවක මිල රුපියල් 120 සිට රුපියල් 180 දක්වා රුපියල් 60 කින්ද මිල ඉහළ නංවා තිබෙන බව වාර්තා වෙනවා.
කෙසේවෙතත් මෙම මිල වැඩි කිරීම තාවකාලික තීරණයක් බව හම්බන්තොට ලුණු සමාගම සඳහන් කරනවා.
එළඹෙන මාර්තු මාසය වන විට හම්බන්තොට ලේවායේ ලුණු නිෂ්පාදනය සිදු කෙරෙන බැවින් ගැටලුවකින් තොරව දේශීය ලුණු සැපයීමට හැකි වන බවත්, මාර්තු මාසයේදී හම්බන්තොට ලුණු ලේවායේ ලුණු අස්වැන්න ලැබුණු වහාම ලුණු මිල අඩු කරන බවත් සභාපතිවරයා සඳහන් කරනවා.
හම්බන්තොට ලේවාය මගින් මෙරට ලුණු අවශ්‍යතාවයෙන් සියයට 50ක ප්‍රමාණයක් නිෂ්පාදනය කරනු ලබන අතර, පරන්තන් සහ පුත්තලම ලේවායන් මගින්ද මෙරට ලුණු අවශ්‍යතාව සම්පූරණ කරනු ලබන බව සඳහන් වෙනවා.