ඒක එසේ මෙසේ බිස්නස් එකක් නෙමෙයි

රුපියල් ලක්ෂ දහයකට අධික වටිනාකමකින් යුතු වාලම්පූරි 10 ක්, සිය මෝටර් රථයෙහි සඟවා ගෙන අලෙවි කිරීම සදහා රැගෙන යමින් සිටි පුද්ගලයෙකු ගනේමුල්ල පොලීසිය විසින් අද (03) අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙන්නේ, හෝමාගම ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි පුද්ගලයෙකි.
එහිදී තමන් වෙත මෙම වාලම්පූරි රැගෙන ගොස් අලෙවි කර දෙන ලෙස තමන් නොහඳුනන පුද්ගලයෙකු විසින් ඉල්ලා සිටි බවත්, එම ඉල්ලීම මත තමන් ඒවා අලෙවි කිරීම සඳහා රැගෙන ගිය බව අත්අඩංගුවට ගත් පුද්ගලයා පොලීසිය හමුවේ පවසා තිබෙනවා.
සැකකරු ගමන් ගනිමින් සිටි මෝටර් රථයද පොලිස් භාරයට ගෙන ඇති අතර, සැකකරු හෙට දින ගම්පහ මහෙස්‍ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.