ඇමෙරිකාවට චීනෙන් නම් බේරුමක් නැති වෙයි වගේ

අමෙරිකානු සමාගම් 12 ක් අපනයන පාලන ලැයිස්තුවට ඇතුළත් කරන බව චීන වාණිජ අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබෙනවා.

චීන මහජන සමූහාණ්ඩුවේ අපනයන පාලන නීතිය සහ ද්විත්ව භාවිත අයිතම අපනයන පාලනය පිළිබඳ රෙගුලාසිවලට අනුව යමින්, ජාතික ආරක්ෂාව හා අවශ්‍යතා ආරක්ෂා කිරීම සහ අවි නිර්ව්‍යාප්තිය පිළිබඳ සිය ජාත්‍යන්තර බැඳීම් ඉටු කිරීම සඳහා, ඇමරිකානු Photonics සමාගම ඇතුළු සමාගම් 12 ක් මෙලෙස අපනයන පාලන ලැයිස්තුවට ඇතුළත් කරන බව එම නිවේදනයේ සඳහන් වෙනවා.

මෙය ඊයේ 10 දින සිට මෙය බලාත්මක බවයි වාර්තා වෙනවා.

මේ අතර Shield AI,Inc., Sierra Nevada, Cyberlux, Edge Autonomy Operations, Group W, Hudson Technologies යන අමෙරිකානු සමාගම් හය ද විශ්වසනීය නොවන ඒකකවල නාමාවලියට ඇතුලත් කර ඇති බවද අදාළ නිවේදනයේ වැඩිදුරටත් දන්වා තිබෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *