ඒක දැනෙන්නම ආව කම්පනයක්

නේපාලයේ අද (28) අළුයම භූ කම්පනයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එහි ප‍්‍රබලත්වය රික්ටර් මාපකයේ 6.1 ක සටහන් වී තිබෙනවා.

කත්මණ්ඩු අගනුවරට කිලෝමීටර් 65 ක් දුරින් පිහිටි මධ්‍යම නේපාලයේ සින්දුපල්චොව්ක් දිස්ත්‍රික්කයට අයත් භයිරව්කුන්ඩා ප්‍රදේශයේ මෙය සිදුව තිබෙන අතර, එරට වේලාවෙන් අලුයම 2.51 ට පමණ මෙය සිදුව ඇති බව, නේපාලයේ භූ කම්පන නිරීක්ෂණ සහ පර්යේෂණ මධ්‍යස්ථානය වාර්තා කර තිබෙනවා.

මෙය නේපාලයේ ප්‍රදේශ කිහිපයක, විශේෂයෙන්ම නැගෙනහිර සහ මධ්‍යම ප්‍රදේශවල ජනතාවට දැනී තිබෙන අතර, නේපාලයට උතුරු දෙසින් පිහිටි ටිබෙටය, චීනයේ මායිම් ප්‍රදේශවලට මෙන්ම නේපාලයට දකුණු දෙසින් පිහිටි ඉන්දියාවට පවා මෙහි කම්පනය දැනී තිබෙනවා.

මෙම භූ කම්පනයෙන් සිදු වූ හානිය හෝ ජීවිත හානි පිළිබඳ වාර්තා නොවන අතර, සිදු වූ හානිය නේපාල බලධාරීන් තක්සේරු කරමින් සිටින බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *