ටිකක් අමාරු වුණාට කැපිලා පේන වෙනසක්

ජාතික පාරිභෝගික මිල දර්ශකයට (NCPI) අනුව 2025 ජනවාරි මාසයේ මෙරට ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය -4.0% ක් දක්වා තවදුරටත් පහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවේ සඳහන් වෙනවා.
2024 දෙසැම්බර් මාසයේ දී මෙම අගය වාර්තා වූ යේ -2.0% ක් ලෙසිනි.
ඒ අනුව, 2025 ජනවාරි මාසයේ දී ආහාර උද්ධමනය -1.0% සිට -2.5% දක්වා පහළ ගොස් තිබෙන අතර, ආහාර නොවන උද්ධමනය 2024 දෙසැම්බර් මාසයේ දී වාර්තා වූ -2.9% සිට -5.2% ක් දක්වා කැපීපනෙන ලෙස පහළ ගොස් ඇති බව එම නිවේදනයේ සඳහන් වෙනවා.