වරාය ඩිජිටල්කරණයට ජපන් සහාය

ශ‍්‍රී ලංකාව තුළ වරාය ආශ්‍රිත ව්‍යාපෘති සහ ඩිජිටල්කරණ ව්‍යාපෘති සඳහා ආයෝජනය කිරීමට ජපාන රජය එකඟතාව පළ කර තිබෙන බව වාර්තා වෙනවා.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකාවේ ජපාන තානාපති ඉසොමතා අකියෝ (Isomata Akio) මහතා අතර ජනාධිපති කාර්යාලයේදී අද (27) පැවැති හමුවේදී මෙම එකගතාව පළ කෙරුණු බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරනවා.

විශේෂයෙන් ම ජපාන රජය මෑතකදී ආරම්භ කළ ආරක්ෂක සහයෝගීතා ආධාර වැඩසටහනට ශ්‍රී ලංකාව ඇතුළත් කරගැනීමට කටයුතු කර ඇති බවද ඉසොමතා අකියෝ (Isomata Akio) මහතා මෙහිදී පවසා තිබෙනවා.

යුද්ධයෙන් පීඩාවට පත් උතුරු ප්‍රදේශයේ ජාතික සංහිඳියාව ඇති කිරීම සඳහා ජපානය, ස්විට්සර්ලන්තය සහ දකුණු අප්‍රිකාව ඒකාබද්ධව සිදු කරන වැඩසටහන පිළිබඳවද මෙහිදී සාකච්ඡා කර තිබෙන අතර, ඒ අනුව එහි ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳවද තානාපතිවරයා විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාව දැනුම්වත් කර තිබෙනවා.

ඩිජිටල් ආර්ථික සහ ගුවන්තොටුපොළ ආයෝජනයන්හි වර්තමාන තත්ත්වය සහ ප්‍රගතිය පිළිබඳවද මෙහිදී ප‍්‍රධාන වශයෙන් සාකච්ඡා වූ බවද ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *