පුද්ගලයෙකුට දිවි අහිමි කළ ජෙට් අනතුර

අමෙරිකාවේ ඇරිසෝනාහී පිහිටි ගුවන් තොටුපොළකදී ජෙට් යානා දෙකක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙන පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ජෙට් යානයක් අදාළ ගුවන්තොටුපොළ වෙත ගොඩ බැස්සවීමේදී එම යානය ධාවන පථයෙන් ඉවතට පැන ගුවන්තොටුපොළේ නවතා තිබූ තවත් ජෙට් යානයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.
කෙසේ වෙතත් මෙම අනතුරින් එක් පුද්ගලයෙකු මියගොස් තවත් කිහිප දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙන බවත්, සිද්ධිය සම්බන්ධයෙන් එරට ආරක්ෂක අංශ වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇති බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරනවා.