මේ ගැන දැනගෙන ගණුදෙනු කරන්න

සහල් වල උපරිම සිල්ලර මිල ගණන්වල කිසිඳු වෙනසක් සිදු කර නොමැති බව පාරිභෝගික කටයුතු අධිකාරිය නිවේදනය කරනවා.

නියාමනය කළ මිල ගණන් වෙනස් වී ඇති බවට සිල්ලර වෙළෙන්දන් නොමඟ යවමින් සහල් මෝල් හිමියන් සහ තොග වෙළෙන්දන් ඉහළ මිලකට සහල් විකිණීමට උත්සාහ කරන බවට වාර්තා පළ වී ඇති බව එම අධිකාරිය සඳහන් කරනවා.

ඒ අනුව සහල් සම්බන්ධ වත්මන් උපරිම සිල්ලර මිල ගණන් පහත පරිදි පවතිනවා.

කැකුළු සහල් කිලෝග්‍රෑමයකට රු. 220
නාඩු සහල් – කිලෝග්‍රෑමයකට රු. 230
සම්බා සහල් – කිලෝග්‍රෑමයකට රු. 240
කීරි සම්බා සහල් කිලෝග්‍රෑමයකට රු. 260

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *