දැරණියගල පොලිස් බල ප‍්‍රදේශයේ නායයෑමක්

දැරණියගල පොලිස් බලප්‍රදේශයේ 112/B පන්දාහාගම ග්‍රාම නිලධාරී වසමට අයත් ප්‍රදේශයේ නායයෑමක් සිදුව තිබෙන බව වාර්තා වෙනවා.

දැරණියගල සිට මාලිබොඩ තලාව ප්‍රදේශයට යන ප්‍රධාන මාර්ගයට ගල් කඩා වැටීම හේතුවෙන් එම මාර්ගය මීටර් 50 ක පමණ හානි වී ඇති බවද වාර්තා වෙනවා.

කඩා වැටුණු ගල් මාර්ගයේ රැඳී තිබීම හේතුවෙන් වාහන ගමනාගමනයට බාධා එල්ල වී ඇති බව සඳහන් වෙනවා.

නායයෑමෙන් අසල තිබූ නිවසකට හානි සිදුව ඇති අතර, එම නිවසේ සිටි පුද්ගලයෙක් සුළු තුවාල ලබා මේ වනවිට දැරණියගල රෝහලට ඇතුළත් කර ඇති බවත් වාර්තා වෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *