ක‍්‍රිකට් දිවියේ අවසන් දවස

ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ වැඩි වාසි අත්කර ගැනීමට සංචාරක ඔස්ට්‍රේලියාව සමත්ව සිටිනවා.

තුන්වැනි දිනය නිමාවන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 8 ක් දැවී ලකුණු 211 ක් ලබා සිටියේ ලකුණු 54 ක් ඉදිරියෙන් සිටිමින්.

ඊයේ 07 දිනයේ, තරගය නතර කරනවිට ඔස්ට්‍රේලියාව සිය පළමු ඉනිමට කඩුලු 3 ක් දැවි ලකුණු 330 ක් රැස්කරගෙන සිටියා. ඒ අනුව ඉතිරි කඩුලු 7 ලකුණු 84 ක් තුළ දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් අද සමත්වුණා.

ස්මිත් ලකුණු 131 ක් සහ ඇලෙක්ස් කේරි ලකුණු 156 ක් රැස් කළ අතර පන්දු යැවීමේදී ප්‍රභාත් ජයසූරිය කඩුලු 5ක් සහ නිෂාන් පීරීස් කඩුලු 3 ක් දවා ගත්තා.

ලකුණු 157 ක් පිටුපසින් සිටිමින් සිය දෙවන ඉනිම ආරම්භ කළ ශ්‍රී ලංකා පිල අද දිනය අවසන් කරන විට කඩුලු 8 ක් දැවී ලකුණු 211 ක් රැස් කරගෙන සිටියා.

දිමුත්ගේ ජාත්‍යන්තර ක්‍රිකට් දිවියේ අවසන් ඉනිම ලකුණු 14 කට සීමා වූ අතර ඔහු පිටියෙන් නික්ම ගියේ ක්‍රීඩාංගණයට රැස්ව සිටි සියලුදෙනාගේ අත්පොළසන් මැදිනි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *