අභාවප්‍රාප්ත නිළි රැජිනගේ දේහය නිවස වෙතට

අභාවප්‍රාප්ත නිළි රැජින මාලනී ෆොන්සේකා මහත්මියගේ දේහය ඇය ජීවත්ව සිටි මාදිවෙල ප්‍රදේශයේ පිහිටි වෙත අද (24) සවස රැගෙන ආ බව වාර්තා වෙනවා.
දේහය හෙට (25) පෙරවරු 10.00 සිට මහජන ගෞරව සඳහා ජාතික චිත්‍රපට සංස්ථා පරිශ්‍රයේ තැන්පත් කර ඇති අතර දේහය පිළිබඳ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව සිදුකිරීමට රජය තීරණ ඇත.
ඒ අනුව, අනිද්දා :26* දිනයේ නිදහස් චතුරස්‍ර මන්දිරයේදී ද මාලනී ෆොන්සේකා මහත්මියගේ දේහයට මහජන ගෞරව දැක්වීමට අවස්ථාව සලසා දී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරනවා.
කලක් රෝගාතුරව සිටී මාලනී ෆොන්සේකා මහත්මිය අද (24) අලුයම කොළඹ පෞද්ගලික රෝහලකදී අභාවප්‍රාප්ත වු අතර, 1947 වසරේ අප්‍රේල් මස 30 වනදා උපත ලැබූ ඇය මිය යන විට 78 වන වියේ පසුවුණා.
දශක 06 කට ආසන්න කාලයක් තම විශිෂ්ඨ රංගන හැකියාවෙන් හෙළ සිනමාව පෝෂණය කළ මාලිනි ෆොන්සේකා මහත්මිය ශ්‍රී ලංකා සිනමාව ජාත්‍යන්තර තලයට රැගෙන යාමට සමත් වුණි.