පරක්කු වී හෝ තීන්දු ලබා දෙන නඩු

විද්‍යා ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකරු මුල් අවස්ථාවේදී මුදාහැරි බවට චෝදනා එල්ල වූ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතාට වසර 4 ක බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කර තිබෙන බව වාර්තා වෙනවා.
මෙම නියෝගය ලබා දී තිබෙන්නේ,වව්නියාව මහාධිකරණය විසිනි.
මීට අමතරව, ලලිත් ජයසිංහට රුපියල් 50,000 ක දඩයක් නියමකර ඇති අතර, එය නොගෙවන්නේ නම් තවත් මාස 6 ක ලිහිල් වැඩ ඇතිව සිරදඩුවමක්ද නියම කර තිබෙන බව සඳහන් වෙනවා.
යාපනයේ පාසල් සිසුවියක වන සිවලෝගනාදන් විද්‍යා 2015 වසරේ වසරේදී පැහැරගෙන ගොස් දූෂණය කර ඝාතනය කළ සිද්ධියේ චෝදනාව එල්ලවූ විත්තිකරුවන් හත් දෙනෙකුට යාපනය මහාධිකරණ විසින් මේ වනවිට මරණීය දණ්ඩනය නියම කර තිබෙනවා.