විදුලි ගැටළුවේ අළුත්ම තත්වය

හෙට 13 දිනය තුළ විදුලි කප්පාදුවක් සිදුකරන්නේ ද සම්බන්ධයෙන් හෙට උදෑසන ප්‍රකාශයක් සිදුකරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.

නොරොච්චෝලේ බලාගාරය මේ වන විට යථා තත්ත්වයට පත්කරමින් සිටින බැවින්, විදුලි කප්පාදුව පිළිබඳ අවසන් තීරණයක් තවම ගෙන නොමැති බව ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ධම්මික විමලරතන මහතා කියා සිටිනවා.

පසුගිය ඉරිදා දිනයේ දිවයින පුරා සිදු වූ හදිසි විදුලි බිඳවැටීම හේතුවෙන් නොරොච්චෝලේ බලාගාරය ද අක්‍රීය වූ අතර, ඒ හේතුවෙන් ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 300 ක පමණ ප්‍රමාණයක් අහිමි වී තිබෙනවා.

එම හේතුව නිසා ඊයේ 11 සහ පෙරේදා 10 දිනයන්හි දී විදුලි කප්පාදුවක් සිදුකරනු ලැබූ අතර, අද 12 පොහොය දිනය වීම හේතුවෙන් විදුලි කප්පාදුවක් සිදුනොකරන බව විදුලිබල මණ්ඩලය නිවේදනය කර තිබෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *