විදුලි සැපයුමේ නවතම තත්වය

හෙට (12) දිනයේ දී විදුලිය විසන්ධි කිරීමක් සිදු නොකරන බව ලංකා විදුලිබල මණ්ඩලය දැනුම් දෙනවා. පවතින විදුලි ඉල්ලුම කළමනාකරණය කිරීමට හැකි බැවින් එම තීරණය ගත් බව එම මණ්ඩලය දැනුම් දෙනවා.

පසුගිය ඉරිදා දිනයේදී සිදුවූ හදිසි විදුලි බිඳවැටීමෙන් අනතුරුව නොරොච්චෝලේ බලගාරයේ ජනන යන්ත්‍ර 03 ම අක්‍රීය තත්ත්වයට පත්වුණා. මේ හේතුවෙන් විදුලි ඉල්ලුම කළමනාකරණය කර ගැනීම සඳහා ඊයේ සහ අද දිනයේ පැය එකහාමාරක කාලයක් දිවයිනේ සෑම ප්‍රදේශයකටම විදුලිය කප්පාදු කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය පියවර ගනු ලැබුවා.

ඒ අනුව, පස්වරු 3.30 ත් රාත්‍රී 9.30 ත් දක්වා පැය 06 ක කාලසීමාව තුළ කාණ්ඩ 04 ක් ඔස්සේ ඊයේ දිනයේ දිවයින පුරා පැය එකහාමාරක විදුලි කප්පාදුවක් සිදුකෙරුණු අතර, අද දිනයේද එය ක්‍රියාත්මක වෙන බව ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කරනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *