දෙදෙනෙකුට දිවි අහිමි කළ රබර් කිරි බවුසරය

බදුරළිය, කලවාන මාර්ගයේ කොඩිප්පිලිකන්ද සමන් දේවාලය ආසන්නයේදී, කලවාන දෙස සිට බදුරළිය දක්වා ගමන් ගත් රබර් කිරි රැගත් බවුසර් රථයක් අඩි 30ක පමණ ප්‍රපාතයට පෙරළී ගොස් එහි සිටි පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙන බව වාර්තා වෙනවා.
ඊයේ (26) රාත්‍රී 12 ට පමණ සිදුව ඇති මෙම අනතුරින් තුවාල ලැබූ තවත් අයෙක් කලවාන රෝහලට ඇතුළත් කර තිබෙන අතර, අනතුරින් මියගොස් ඇත්තේ, බුලත්සිංහල ප්‍රදේශයේ රබර් කිරි කර්මාන්ත ශාලාවකට අයත් සේවකයින් දෙදෙනෙකු බවත්, ඔවුන් බුලත්සිංහල හා රඹුක්කන ප්‍රදේශවල පදිංචිකරුවන් බවත් වාර්තා වෙනවා.
අධික බෑවුම් සහිත මෙම ප්‍රදේශයේ දී බවුසර් රථයට පාලනය කර ගත නොහැකිව මාර්ගයේ ලිස්සා යාම හේතුවෙන් අනතුර සිදුවන්නට ඇතැයි කලවාන පොලීසිය සැක පළ කරනවා.
කෙසේ වෙතත්, මෙම අනතුර සම්බන්ධයෙන් කලවාන පොලීසිය ඉදිරි විමර්ශන කටයුතු පවත්වනු ලබනවා.
